Friday, May 3, 2024

General line - 0115112241

ඉදිරි මාස 06 තුළ ඉන්ධන මිල සහ බදු අනුපාතයන් ඉහළ දැමීමට සිදුවන බව මුදල් ඇමති කියයි




ඉදිරි මාස 06 ඇතුළත ඉන්ධන මිල සහ බදු අනුපාතයන් ඉහළ දැමීමට සිදුවන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. රොයිටර් පුවත් සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

මේ අතර පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමටද අපේක්ෂා කරන බවයි මුදල් අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත්තේ. මෙම ක්‍රියාමාර්ග ජනප්‍රිය නොවන නමුත් පවතින අර්බුදයෙන් රට ගොඩ ගැනීම සදහා කළ යුතු ඒවා බවයි මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ.  

මේ අතර ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500ක ණය සහනයක් ඉන්දියාවෙන් ඉල්ලා තිබෙන අතර එය ප්‍රමාණවත් වන්නේ මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සති 05ක කාලයක් සදහා පමණක් බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව මෙන්ම චීනය, අමෙරිකාව, බි්‍රතාන්‍යය සහ මැදපෙරදිග රටවල් ඇතුළු 
ද්වීපාර්ශික හවුල්කරුවන්ගේ සහයද රජය අපේක්ෂා කරන බවයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.