Friday, May 3, 2024

General line - 0115112241

තවත් 40කට වැඩි පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් විය හැකි බවට පොහොට්ටුවේම මන්ත්‍රීවරයෙක් කියයි




රටේ පවතින අර්බුදවලට ප්‍රජාතන්ත්‍රවාදීව සහ තාක්‍ෂණය උපයෝගී කර ගෙන විසදුම් ලබාදීමට කටයුතු නොකළහොත් තවත් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්ව යා හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එසේ නොකලහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද අනාගතයක් නොමැති බවයි. 

ප්‍රජාතන්ත්‍රවාදය සහ තාක්‍ෂණය එක්ව ඇති බැවින් රට හමුවේ පවතින වර්තමාන ගැටළු පිළිබද ජනතාව නොමග යැවිය නොහැකිද බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ප්‍රජාතන්ත්‍රවාදය සහ තාක්‍ෂණය පිළිබද දේශපාලනඥයින්ට වඩා වැඩි අවබෝධයක් ජනතාව තුළ පවතින බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වැඩිදුරටත් සදහන් කළා.