Friday, May 3, 2024

General line - 0115112241

විශ්වාසභංගය කුමන්ත්‍රණයක් - ආණ්ඩුවේ පක්ෂ 11 හේ නියෝජිතයෙක් කියයි




ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට තමන් අත්සන් නොකරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ පවසනවා. එය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ පැවසුවේ ඇතැම් බලවේග මෙවන් අවස්ථාවක විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ මැතිවරණයකට යාමේ අපේක්‍ෂාවෙන් බවයි. 

මෙවන් වකවානුවක එලෙස විශ්වාසභංගයක් ගෙනඑමෙන් රට තවත් අරාජික වන බවත් රට අරාජික වන කිසිදු යෝජනාවක ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ එකග නොවන බවත් ජාතික නිදහස් පෙරමුණ පැවසුවා. මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී අදහස් දැක්වූ එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්තර සමරවීර. 

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සහ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඉකුත් 8 වනදායි. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ජනමතයට කන් නොදෙන්නේ නම් ව්‍යවස්ථානුකූලව ගැටළුව විසඳා ගැනීමට සූදානම් බවයි. 

ඒ අනුව ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අත්සන් ලබාගැනීමද ආරම්භ කර ඇති බවයි සමගි ජනබලවේගය සදහන් කළේ. කෙසේවෙතත් විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකරන මන්ත්‍රීවරුන් පිළිබද එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර දැක්වූයේ මෙවන් අදහසක්. ඪධෂක්‍ෑ

පසුගිය දා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපාගෙන් ද නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.