Thursday, May 2, 2024

General line - 0115112241

මහ වැසි නොතකා ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවය තවදුරටත් (UPDATE / VIDEO / PHOTOS)




ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව අද දිනයේදීත් රටේ ස්ථාන කිහිපයකය විරෝධතා ව්‍යාපාර සංවිධානය කර ඇති බව වාර්තා වනවා. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ ආරම්භ වූ මහජන විරෝධතාවය ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව නොතකා තවමත් ක්‍රියාත්මක බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වැසි තත්ත්වය නොතකා විරෝධතාවයේ යෙදී සිටින පුද්ගලයින්ට කෝපි ඇතුළු ආහාර පාන ලබාදීමට ද ඇතැම් පිරිස් ස්වෙච්ජාවෙන්ම ඉදිරිපත් වී සිටින බවයි වාර්තා වන්නේ.

ගාල්ල නගරයේදී ද අද දිනයේදී විරෝධතා ව්‍යාපාර දෙකක් පැවැත්වූ අතර ඉන් එක් විරෝධතාවයක් සංවිධානය කර තිබුනේ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින්ය.

මේ අතර කුරුණෑගල නගර මධ්‍යයේ ද මේ වන විට විරෝධතාවයක් සිදුවෙමින් පවතිනවා.