Friday, September 20, 2024

General line - 0115112241

හිරුණිකා සැමියා සමග හොරෙන් ගස් කපනවද?



හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සිය සැමියා සමග දැව ජාවාරමක නිරත වන බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ආරංචි පැතිර ගොස් තිබෙනවා.

රත්නපුර දිස්ති‍්‍රක්කයේ දුම්බර කිරිඇල්ල අක්කර අටදහස් තුන්සිය දාහත (8317) ක මහා පරිමාණ දැව කොල්ලයක් දියත් කෙරී ඇති බවයි එම ආරංචි මගින් කියවුණේ.

මේ සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ කරුණු දැක්වීමක් කර තිබෙනවා.

ඉන් කියවෙන්නේ ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ ඉල්ලීමට අනුව තමන් හොරෙන් ගස් කැපීමක් නතර කළ බවයි.

ඇගේ කරුණු දැක්වීම පහතින් කියවිය හැකියි.

“මා හා මාගේ ස්වාමිපුරුෂයා පිලිබඳව මේ දිනවල සමහරක් වෙබ් අඩවි වල පැතිරී යන අසත්‍ය පුවත සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය භාවය පිලිබඳව පැහැදිලි කිරීම අප සතු අයිතියක් යැයි මා සිතමි.

දේශපාලනඥයකු වූ පමණින් පැතිරී යන සෑම අසත්‍ය පුවතක්ම ඉවසා දරා සිටිය යුතුයැයි මා සිතන්නේ නැත. එමෙන්ම කාන්තාවක් වූ පමණින් සියලු මඩ ඉවසා දරාගෙන සිටිය යුතුයැයිද මා සිතන්නේ නැත.

දේශපාලනයට පා තැබූ දිනයේ සිට මට නොකී දෙයක් නැත. කාන්තාවකට කල හැකි පහත්ම නින්දා අපහස මට කර ඇත. මේ සියල්ලකටම මුහුණ දිය හැකි ආත්ම ශක්තියක් මට ඇත.

පුද්ගලික ජීවිතය මෙන්ම දේශපාලන ජීවිතය අලලා මා හට එල්ල කල චෝදනා එමටය. මා ඒ සියල්ලක්ම බැහැර කරන්නේ, මාගේ මව, මාගේ නෑදෑ හිතවතුන් මාගේ ආදරණීය සැමියා මා කරුන්ද යන්න දන්නේ නම් කවුරුන් මොනවා පැතිරුවත් මට අවංකව ආදරය දක්වන අය මා හැර දමා නොයන නිසාය.

මීට මාස කිහිපයකට පෙර අදාළ ඉඩම් හිමි ස්වාමින්වහන්සේ මාගේ මහජන දිනය පවත්වන කොලොන්නාව කාර්යාලයට පැමිණියේ උන්වහන්සේගේ පන්සල් ඉඩමට අයත් කොටසේ යම්කිසි පිරිසක් විසින් හොරෙන් ගස් කපන බව පවසමින්ය.

අදාළ ප්‍රදේශයේ කිසිදු දේශපාලනඥයකු මේ පිලිබඳව අවධානය යොමු නොකළ හෙයින් උන්වහන්සේට කල හැකි උපකාරයක් කරන ලෙස ඉල්ලා සිටිය අතර මා අදාල ආයතන වලට කතා කොට කල හැකි උපකාරයක් කරන ලෙස කියා සිටින ලදී.

ඉන්පසු දින දෙකකට පමණ පසු උන්වහන්සේ මට දුරකථනයෙන් කතාකොට එම ස්ථානයේ එම පුද්ගලයින් නික්ම ගිය බව පවසමින් මට ස්තුති කරන ලදී.”

hi1