Thursday, May 9, 2024

General line - 0115112241

යුක්රේනයට අවි සැපයීම ගැන රුසියාවෙන් අමෙරිකාවට අනතුරු ඇගවීමක්




යුක්රේනයට අවි සැපයීම සම්බන්ධයෙන් රුසියාව අමෙරිකාවට අනතුරු ඇගවීමක්  සිදුකර තිබෙනවා. බයිඩින් පරිපාලනය දිගින් දිගටම යුක්රේනයට අවි සැපයුවහොත් අනපෙක්ෂිත ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිඳුවනු ඇති බවටයි රුසියාව අනතුරු අගවා ඇත්තේ. 

යුක්රේනයට අවි සැපයීමෙන් කලාපීය හා ජාත්‍යන්තර ආරක්ෂාවට අහිතකර තත්ත්වයන් ඇති විය හැකි බැවින් එලෙස සිදු නොකරන ලෙස මොස්කව් පරිපාලනය අමෙරිකාවෙන් ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. 

මේ අතර බ්‍රිතාන්‍යයේ විශේෂ හමුදා කණ්ඩ දෙකක් කියෙව් සහ අවට ප්‍රදේශවල යුක්රේන සොල්දාදුවන් පුහුණු කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. සති දෙකක පමණ කාලයක සිට එම හමුදා කණ්ඩ දෙක පුහුණු සැසි පවත්වා ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. කෙසේවෙතත් බ්‍රිතාන්‍යය සොල්දාදුවන් යුක්රේන භූමියේ සේවය කරන බව බ්‍රිතාන්‍යය ආරක්ෂක අමාත්‍යාංශය මෙතෙක් තහවුරු කර නැහැ.