Friday, May 3, 2024

General line - 0115112241

ප්‍රියන්ත කුමාරගේ ඝාතනයට 06 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ




පාකිස්ථානයේ සියල්කොට්හි දී ලාංකික පුරවැසියෙකු වූ ප්‍රියන්ත කුමාර ගේ ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් හය දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට ලාහෝර් හි ත්‍රස්ත විරෝධී අධිකරණය පියවර ගෙන තිබෙනවා. 

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති අතර තවත් සැකකරුවන් 76 දෙනෙකුට වසර 2 ක සිරදඬුවම් පමුණුවා තිබෙනවා.

2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 900කට ආසන්න සංඛ්‍යාවකට නඩු පැවරීමට එරට ආරක්ෂක කටයුතු කරනු ලැබුවා.

මෙම ඝාතනය් සම්බන්ධයෙන් පුද්ගලයින් 43 දෙනෙකු සාක්ෂි ලෙස නම් කර තිබුණා.