Friday, May 3, 2024

General line - 0115112241

රඹුක්කන නගරයට පිවිසෙන මාර්ග අවහිර කරමින් විරෝධතාවයක්

රාජිත පහළවත්ත / තුසිත කුමාර




ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් රඹුක්කන නගරයේ ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා. විරෝධතාකරුවන් ටයර් පිලිස්සීම හේතුවෙන් රඹුක්කන සිට කෑගල්ල, මාවනැල්ල, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලට ගමන් ගන්නා මාර්ග අවහිර කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මහනුවරින් සහ අලුත්ගමින් ධාවනය වන සියලු බස් රථ ධාවනයෙන් ඉවත්වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.