Thursday, May 9, 2024

General line - 0115112241

ආර්ථික අපහසුතා ඇති දරුවන්ට නෙත් රේඩියෝවෙන් සවියක් (PHOTOS)




ජනතාව මුහුණ පා සිටින ආර්ථික අපහසුතාව සැලකිල්ලට ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව ගල්නෑව ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙවර බක් මහ සැණකෙළිය වෙනුවට එම ප්‍රදේශයේ දරුවන්ට සවියක් වීමට කටයුතු කළා.

ඒ යටතේ බක්මහ සැණකෙළිය වෙනුවට නැණ එළියක් ලබාදෙමිනුයි ගල්නෑව මධ්‍ය මහා විදයාලයේදී දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීමට නෙත් එෆ් එම් රේඩියෝව සහය ලබාදුන්නේ. තමන් ආර්ථික අපහසුතාවන්ට දැඩිව මුහුණපා ඇති මෙවන් අවස්ථාවක සිය දරුවන් වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව දැක්වූ සහය පිළිබඳ ගල්නෑව ප්‍රදේශයේ මව්පියන් කිහිපදෙනෙකු මෙලෙස අදහස් පළ කළා. 

ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීමට නොහැකි දිවයිනේ තවත් දරුවන් වෙනුවෙන් සවියක් වීමට නෙත් එෆ් එම් රේඩියෝව සූදානම්.