Thursday, May 9, 2024

General line - 0115112241

දෘෂ්‍යාබාධිතයැයි කියාගන්නා පුද්ගලයෙක් සිදුකරනා වංචනික ක්‍රියාවක් ගැන අනාවරණයක්




දෘෂ්‍යාබාධිතයැයි කියාගන්නා පුද්ගලයෙක් මාර්ගයේ ධාවනය වන රථවාහනවලින් මුදල් ලබාගන්නා ජාවාරමක නිරතව සිටින බව ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිවූවන්ගේ ක්‍රිකට් සංගමය පවසනවා. එහි ලේකම් චමින්ද පුෂ්පකුමාර පැවසුවේ එම පුද්ගලයා සතු සුදු සැරයටිය ධාවනය වන රථවාහනවල ගැටීමට සලස්වා මුදල් ලබා ගන්නා බවයි. 

ඊට අදාළ වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා. ඔහු සිදුකරන මෙම ජාවාරම හේතුවෙන් දෘෂ්‍යාබාධිත ප්‍රජාවම පීඩාවට පත්වන බවයි ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සංගමයේ ලේකම් චමින්ද පුෂ්පකුමාර පැවසුවේ.

එම පුද්ගලයා නීතියේ රැහැනට හසුකරදීම සඳහා සහය දක්වන ලෙසට  ජනතාවගෙන් ඔහු ඉල්ලීමක් ද කළා.