Monday, May 13, 2024

General line - 0115112241

ගුරු විදුහල්පතිවරුන් තැපැල් කාර්යාලවල - සිසුන් නිවෙස්වල

රංජිත් රාජපක්ෂ / මාධව කුලසූරිය / ටී කේ මහින්ද




ගුරු විදුහල්පතිවරු රැසක් අද පෙරවරුවේ තැපැල් කාර්යාලවලට පැමිණ සිටි බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. ඒ, විදුලි පණිවුඩ මඟින් අසනීප නිවාඩු වාර්තා කිරීම සඳහායි. ගුරු විදුහල්පතිවරුන් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කළේ ජීවන වියදම ඉහළ යාම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ. 

ජාතික විදුහල්පති සංගමයේ ලේකම් පරාක්‍රම වීරසිංහ ද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ළමුන් පැසැල් වෙත පෙරවරුවේ පැමිණියද ගුරුවරු නොමැතිවීම හේතුවෙන් මව්පියන් විසින් ළමුන් යළිත් රැගෙන ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ.

 

මාතර දිස්ත්‍රික්කයේ පාසැල්වල අධ්‍යයන කටයුතු ද අද දිනයේ අඩාලවී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවා.

උතුරු පලාතේ පාසැල්වල තත්ත්වය පිළිබඳ සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය.