Monday, May 13, 2024

General line - 0115112241

ඩොලරයේ අගය 350ට ලන් වෙයි




මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 345 ක් ලෙස සටහන් කර තිබෙනවා. රුපියල අවප්‍රමාණය වීමට සාපේක්ෂව ඩොලරයේ අගය මෙලෙස ඉහළ මට්ටමක පවතිනවා. 

මේ අතර කොළඹ කොටස් වෙළඳපොලේ කටයුතු අද දිනට අත්හිටුවා තිබෙනවා. එහි ගණුදෙනු අද උදෑසන ආරම්භ කෙරුණේ සතියකට පසුවයි. එහෙත් ගණුදෙනු ආරම්භවී විනාඩියක් වැනි කෙටි කාලයකදී “එස් ඇන්ඩ් පී එස් එල් 20” දර්ශකය දැඩි ලෙස කඩාවැටී තිබෙනවා. 

ඒ අනුව ගණුදෙනු තාවකාලිකව නවතා යළි පෙරවරු 11 ට පමණ ආරම්භ කර ඇති අතර ගණුදෙනු අපේක්ෂා කළ පරිදි වර්ධනය වීම හේතුවෙන් කොටස් වෙළඳපොලෙහි ගණුදෙනු අද දිනට නවතා දැමීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.