Friday, May 17, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් මාධ්‍යවේදීයාට පහරදීම ගැන කඩිනම් පරීක්ෂණයක් සිදුකරන්නැයි ජනපතිගෙන් පොලිස්පතිට නියෝගයක්




අම්පාර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී නෙත් එෆ් එම් නිදහස් මාධ්‍යවේදී කසුන් තිවංක වික්‍රමසිංහට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.

ඉකුත්දා එම පිරවුම්හලේදී  නෙත් එෆ් එම් මාධ්‍යවේදී කසුන් තිවංක වික්‍රමසිංහ ඉන්ධන ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යංශ්‍යයේ යැයි පවසා එම ස්ථානයට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කැබ් රථයකින් පැමිණි ඉන්දික නලින් ජයවික්‍රම නමැත්තා තර්ජනය කර තිබුණා. 

ඒ සම්බන්ධයෙන් පොලිස්පති සී ඩී වික්‍රමරත්නට මෙන්ම නැගෙනහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාටද නෙත් නිවුස් සිද්ධිය වූ දිනම පැමිණිලි කළා.

සබැඳි පුවත : 

නෙත් එෆ් එම් මාධ්‍යවේදියාට තර්ජනය කළ පුද්ගලයා ගැන ඇමති රමේෂ් දැඩි තීරණයක (UPDATE)