Friday, May 10, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් මාධ්‍යවේදියාට තර්ජනය කළ පුද්ගලයා ගැන ඇමති රමේෂ් දැඩි තීරණයක (UPDATE)




අම්පාර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී නෙත් එෆ් එම් නිදහස් මාධ්‍යවේදී කසුන් තිවංක වික්‍රමසිංහට තර්ජනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට තමන්ද පොලීසියට දැනුම් දෙන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. 

තමන් පෝලීමේ රැදී සිටියදී වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කැබ් රථයක පැමිණි ඉන්දික නලින් ජයවික්‍රම නමැත්තා ආරක්‍ෂක අමාත්‍යාංශයේ යැයි පවසා ඔහුගේ වාහනයට අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ලබාගත් බව නෙත් එෆ් එම් නිදහස් මාධ්‍යවේදී කසුන් තිවංක වික්‍රමසිංහ පැවසුවා. ඒ, සිය පිරවුම්හලෙන් ඉන්ධන ලබාදීමට සීමා කර ඇති බවට එහි සේවකයෙකු මාධ්‍යවේදී කසුන් තිවංක වික්‍රමසිංහට පවසා ඇති පසුබිමක් තුළයි. 

ඒ පිළිබද ඉන්ධන පිරවුම්හලේ කළමණාකරුගෙන් විමසීමට ගිය කසුන් තිවංකට, ඉන්දික නලින් ජයවික්‍රම නමැත්තා තර්ජනය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් පොලිස්පති සී ඩී වික්‍රමරත්නට මෙන්ම නැගෙනහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාටද පැමිණිලි කිරීමට කටයුතු කළා. 

සිය අමාත්‍යාංශයේ වාහනයක් අවභාවිත කළ ඉන්දික නලින් ජයවික්‍රම නමැත්තා පිළිබද තමන් නොදන්නා බවත්  ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට තමන්ද පොලීසියට දැනුම් දෙන බවයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

 

සබැඳි :

අම්පාර පිරවුම්හලකදී නෙත් එෆ් එම් මාධ්‍යවේදියාට තර්ජනය කිරීම ගැන පොලිස්පතිට පැමිණිලි