Friday, May 3, 2024

General line - 0115112241

විරෝධතාවයේ යෙදී සිටින පිරිස් වෙත ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ධර්ම දේශනා ප්‍රචාරය කිරීම ගැන විද්වතුන් අදහස් දක්වයි




ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාව 22 වන දිනටත් අද ක්‍රියාත්මක වනවා. ඊයේ දිනයේද ඊට සහය දක්වමින් විශාල පිරිසක් එම විරෝධතාවයට එක්වුණා. 

ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධතාවට සමගාමීට අරලියගහ මන්දිරය ඉදිරිපිටදී ද ඉකුත්දා විරෝධතාවයක් ආරම්භ වුණා.එම විරෝධතාකරුවන්ට අරලියගහ මන්දිරය ඉදිරිපිට ගාලුපාරේ පදික වේදිකාව භාවිත කිරීමට නොහැකි වන සේ පොලීසිය විසින් ගාල් කර තිබූ බස් රථ කිහිපයක විරෝධතා පුවරු සවිකර තිබුණා. ඊයේ දිනයේ ඒවා ඉවත් කිරීමට යාමේදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට එම විරෝධතාව ආරම්භ කිරීමත් සමඟ ශබ්ද විකාශණ යන්ත්‍ර මඟින් නාලාගිරි දමනය, අංගුලිමාල දමනය වැනි ධර්ම දේශනා ප්‍රචාරය කිරීමට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩලය පියවර ගෙන තිබූ අතර එය බොහෝ දෙනා අතර සංවාදයට ලක්වන මාතෘකාවක් වී තිබෙනවා. මේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කලමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.