Saturday, May 4, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් දිළිදු ජනතාව වෙනුවෙන් ලබන මස සිට සහනාධාර ක්‍රමයක්




පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින දිළිදු ජනතාවට සහනයක් ලබාදීම සඳහා සමාජ සහනාධාර ක්‍රමයක් ලබන මස සිට ක්‍රියාත්මක කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ සඳහා ලෝක බැංකුව හදිසි අවශ්‍යතා අරමුදල් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 300 ක් ලබාදීමට දැනටමත් එකඟතාව පළ කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්නා තෙක් රටේ ආර්ථිකය පවත්වාගෙන යන ආකාරය පිළිබඳව ද නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්න කළ අතර ඊට මහ බැංකු අධිපතිවරයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.