Saturday, May 4, 2024

General line - 0115112241

ඖෂධ වර්ග 60ක මිල සියයට 40කින් ඉහළට




ඖෂධ වර්ග 60ක මිල සියයට 40කින් ඉහළ දැමීමට අවසර දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින්. ඒ යටතේ මිලිග්‍රෑම් 500 පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 04යි ශත 16ක් දක්වා ඉහළ යනු ඇති. 

මිලිග්‍රෑම් 75 ඇස්ප්‍රීන් පෙත්තක හෝ කරලක උපරිම සිල්ලර මිල රුපියල් 07යි ශත 08ක් දක්වාත් මිලිග්‍රෑම් 100 ඇස්ප්‍රීන් පෙත්තක හෝ කරලක උපරිම සිල්ලර මිල රුපියල් 12යි ශත 53ක් දක්වාත් ඉහළ යනු ඇති. 

ආශ්වාස කරන මයික්‍රෝග්‍රෑම් 200 සැල්බියුටමෝල් කරලක උපරිම සිල්ලර මිල රුලියල් 09යි ශත 45ක් දක්වාත් එම වර්ගයේ මයික්‍රෝග්‍රෑම් 400 කරලක උපරිම සිල්ලර මිල රුපියල් 13යි ශත 01ක් දක්වා ඉහළ දැමීමටයි අවසර ලබා දී ඇත්තේ. 

ඔමෙප්‍රසෝල් මිලිග්‍රෑම් 20 පෙත්තක හෝ කරලක උපරිම සිල්ලර මිල රුපියල් 10යි ශත 64ක් දක්වාත්, ඩොම්පෙරිඩෝන් මිලිග්‍රෑම් 10 පෙත්තක හෝ කරලක උපරිම සිල්ලර මිල රුපියල් 12යි ශත 77ක් දක්වාත් ඉහළ යනවා. 

තයිරොක්සීන් මයික්‍රෝග්‍රෑම් 50 පෙත්තක හෝ කරලක උපරිම සිල්ලර මිල රුපියල් 14යි ශත 41ක් වන අතර එම වර්ගයේ මයික්‍රෝග්‍රෑම් 100 පෙත්තක හෝ කරලක උපරිම සිල්ලර මිල රුපියල් 21යි ශත 53ක් වනු ඇති.

ඇටෝවාස්ටැටීන් මිලිග්‍රෑම් 05 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 15යි ශත 19ක් දක්වා ඉහළ යන අතර එම වර්ගයේ මිලිග්‍රෑම් 40 පෙත්තක මිල රුපියල් 58යි ශත 53ක් දක්වා ඉහළ යනවා. 

ඇමොක්සිලීන් මිලිග්‍රෑම් 375 පෙත්තක හෝ කරලක උපරිම සිල්ලර මිල රුපියල් 83යි ශත 71ක් දක්වා ඉහළ දැමීමටයි එම ගැසට් නිවේදනය මඟින් අවසර ලබා දී ඇත්තේ.  

මිල ඉහළ දමා ඇති ඖෂධ වර්ග සියල්ල සහ ඒවායේ මිල ගණන් පිලිබඳ තොරතුරු ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය