Friday, May 3, 2024

General line - 0115112241

සතොසේ මිලට සුපිරි වෙළදසැල් මගින් සහල් ලබාදීමේ තීරණයක්




පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුනින් මෙතෙක් සතොස මගින් පමණක් නිකුත් කළ ආනයනික සහල් තොග සුපිරි වෙළදසැල් හරහා ද ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ, වෙළද හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ සුපිරි වෙළදසැල් ජාලයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකදීයි. 

ඒ අනුව ලබන සතියේ සිට සුපිරි වෙළදසැල් ජාලය හරහා ආනයනික සහල් තොග සහන මිලට ලබාදෙන බවයි වෙළද හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ. 

නාඩු සහල් කිලෝවක් රුපියල් 145 කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 175කටත් සුපිරි වෙළදසැල් හරහා ලබාදීමට එහිදී තීරණය කර තිබෙනවා. එක් පාරිභෝගිකයෙක් සදහා වරකදී එම සහල් වර්ගවලින් උපරිම කිලෝ 5 ක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.