Saturday, May 4, 2024

General line - 0115112241

කුලියාපිටියේ ඩිෆෙන්ඩර් අනතුර සම්බන්ධයෙන් තුන්දෙනෙක් අත්අඩංගුවට

දිනේෂ් උපේන්ද්‍ර - කුලියපිටිය




කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර ඩිෆෙන්ඩර් රථයේ හිමිකරුගේ 14 හැවිරිදි පුත්‍රයාද වන බවයි පොලීසිය පැවසුවේ. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් යතුරු පැදිකරු ජීවිතක්‍ෂයට පත් වුණා. 

එහිදී ප්‍රකෝපකාරී වූ පිරිසක් ඩිෆෙන්ඩර් රථයට ගිනි තැබීම හේතුවෙන් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ කුලියාපිටිය කනදුල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.