Friday, May 3, 2024

General line - 0115112241

ගාලු මුවදොර අරගල භූමියට පොලිස් කැරළි මර්ධන ඒකකය පැමිණෙයි - අරගලකරුවන් ගෙන් දැඩි විරෝධයක්




ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් පුරා දින 24 ක් අඛණ්ඩව විරෝධතාව පැවැත්වෙන ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසළ වේදිකාවක් ඉදිරිකිරීම වැලැක්වීම සඳහා පොලිස් කැරළි මර්ධන ඒකකය අද පස්වරුවේ කැඳවා තිබුණා.

කෙසේ වෙතත් විරෝධතාවයේ යෙදී සිටින පිරිසගේ විරෝධය හමුවේ පොලිස් කැරළි මර්ධන ඒකකය ඉවත් ගොස් තිබුණා.

විරෝධතාවක් පොලිසියේ අවසර ලබාගෙන කරන තත්වයක් කිසිඳු රටක නොමැති බවත් විරෝධතාකරුවෝ එහිදී පැමිණි සිටි පොලිස් නිලධාරීන්ට කියා සිටියේ.