Saturday, May 4, 2024

General line - 0115112241

හොරණ මොරගහහේන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ගින්නක්

බිමල් ශ්‍යාමන් / ඉන්දික විතාණ




මොරගහහේන ඔලබොඩුව ප්‍රදේශයේ නූල් වර්ණ ගන්වන කර්මාන්තශාලාවක  අද දහවල් ඇතිවූ ගින්නකින් එම කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. කර්මාන්තශාලාවේ යාබද කාමරයක නේවාසිකව රැඳී සිටින සේවකයන් තිදෙනකු මුලින්ම ගින්න දැක ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අද රජයේ නිවාඩු දිනයක් බැවින්, ගින්න හට ගත් අවස්ථාවේ කර්මාන්තශාලාව තුළ සේවකයන් රැදී සිට නැහැ. ගින්න හේතුවෙන් එම කර්මාන්තශාලාවේ නිෂ්පාදන භාණ්ඩ මෙන්ම යන්ත්‍ර සූත්‍ර ද මුළුමනින්ම විනාශ වී තිබෙනවා. 

කර්මාන්තශාලාව ඉදිරිපිට මාර්ගයේ විදුලි රැහැන්වලට ගිනි ඇවිලීම හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩි දුරටත් සදහන් කළා.