Tuesday, May 7, 2024

General line - 0115112241

ජනපතිට එරෙහි විශ්වාසභංගයට සහය නොදෙන බව වාසු කියයි




ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සිය පක්ෂය සහය නොදක්වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. ආණ්ඩුවේ ස්වාධීනවූ පක්ෂ 11හේ නායකයින් ඊයේ කොළඹ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ කිහිපයකට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ද පිළිතුරු ලබා දුන්නා. එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ ආණ්ඩුව ඉවත් කරන්නේ නම් ඉන් අනතුරුව රට ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර සකස් කළ යුතු බවයි.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනා 02 ක් සමගි ජනබලවේගය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දුන්නේ ඊයේ දිනයේයි.