Tuesday, May 7, 2024

General line - 0115112241

ආණ්ඩුවට බහුතරය බලන්න තිබු අවස්ථාව අද අහිමි කර ගත්තා - හිටපු අගමැති




මේ සතියේදීත් ජනතා ප්‍රශ්න වලට ප්‍රතිඵලයක් ලබා ගන්නට නොහැකි වු බවත් ඊළඟ පාර්ලිමේන්තු සතියේදීත් මෙලෙසම සිදුවුනොත් පාර්ලිමේන්තුවේ තිබෙන ගෞරවය මෙන්ම බලයත් නැති වනු ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කර සිටියා.

අඩු ගණනේ පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡා කර ප්‍රශ්න විසඳීමට පළමු පියවරවත් ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි ප්‍රකාශයක් සිදුකරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

නියෝජ්‍ය කථානායක තනතුරට නමක් ඉදිරිපත් කරන්න ආණ්ඩුවට බැරි වූ බවත් ආණ්ඩුවේ කෙනෙක් ඉදිරිපත් කළා නම් තමන්ට බහුතරයක් තියෙනවද? නැද්ද? කියා බලන්නට හැකියාවක් තිබූ බවද හිටපු අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියා.