Tuesday, May 7, 2024

General line - 0115112241

අද මැදියම් රැයේ සිට බස් ධාවනයත් නවතී




අද මධ්‍යම රාත්‍රී 12 සිට බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. බස් ධාවනයට අවශ්‍ය ඩීසල් නොමැතිවීමත්, හර්තාල් ව්‍යාපාරයට සහය දැක්වීමේ අරමුණිනුත් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ. ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනය නොකරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පැවසුවා. එහි සම කැදවුම්කරු එස් පී විතානගේ පැවසුවේ හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කරමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වන බවයි.

කෙසේවෙතත් හෙට දිනයේ හර්තාල් ව්‍යාපාරයක් සංවිධාන කර තිබුණද දුම්රිය ධාවනයට ඉන් බාධාවක් ඇති නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න සඳහන් කළේ දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් හෙට දිනයේ සේවයට වාර්තා කරන බව දන්වා ඇති බවයි. 

මේ අතර ආණ්ඩුවට එරෙහි රට පුරා හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහභාගි වීමට වෘත්තිය සමිති රැසක් මේ වන විටත් එකඟතාව පළ කර තිබෙනවා.