Sunday, May 19, 2024

General line - 0115112241

ගාලු මුවදොර අරගලය සම්බන්ධයෙන් කෙරුණු ඉල්ලීමක් සලකා බැලීමෙන් මහේස්ත්‍රාත්වරයකු ඉවත් වෙයි




ගාලුමෝදර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලීසිය ඉදිරිපත් කිරීමට සූදානම් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් කොළඹ මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉවත් වුණා.

කොටුව පොලිසිය විසින් කරන ලද මෙම ඉල්ලීම අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල  මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී කොටුව පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ෂවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අරගලය හා සම්බන්ධ නඩු දෙකක් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති බව සඳහන් කළා.

එබැවින් මෙම ඉල්ලීම සලකා බැලීමට සූදානම් නම් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තමන් පියවර ගන්නා බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.

රජයේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අරගලයේ නියුතු පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විරෝධය පළකර සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා තමන් මෙම ඉල්ලීම සලකා බැලීමෙන් ඉවත් වන බවත් එය වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට යොමු කරන බවත් නියෝග කළා.