Sunday, May 19, 2024

General line - 0115112241

සරසවි සිසු විරෝධයට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්




පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ රැඳී සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය අදත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඒ, විරෝධතාකරුවන් මාර්ගයේ යොදා තිබූ බාධක බිඳ ඉදිරියට ගමහන් කිරීමට උත්සහ දැරූ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් එම ප්‍රහාර හමුවේ වුවද විරෝධතාකරුවන් එම ස්ථානයේ රැදී සිටිමින් ආණ්ඩුවට සිය විරෝධය පළ කළා. ආණ්ඩුවට වහා ඉවත්වන්නැයි බලකරමින් බත්තරමුල්ල, පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් මෙම ස්ථානයට පැමිණියේ ඊයේ දිනයේයි. 

ඊයේ දිනයේද ඔවුන් විසුරුවා හැරීමට කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළා. පසුව විරෝධතාවයට එක්වූවන් “හොරු ගෝ ගම” නමින් එම ස්ථානය නම් කර ගනිමින් රැය පහන් කළේ මාර්ගය අවහිර කර තිබූ යකඩ බට යොදා අට්ටාල ඉදිකර ගනිමින්.

මේ අතර අද කදුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කළේ ආණ්ඩුවට තීරණයක් ගැනීමට කල් ලබා දෙමින් පාර්ලිමේන්තු පිවිසුමෙන් තාවකාලිකව ඉවත්වීමටයි.