Sunday, May 19, 2024

General line - 0115112241

මැයි 17 වෙනිදා පාර්ලිමේන්තුව කල් තැබේ




රට තුළ මෙතරම් අර්බුදකාරී තත්ත්වයක් පවතින විටත් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් මහජන ධනය වැය කරමින්, කාලය අපතේ යවමින්, එකිනෙකාට චෝදනා කරමින් අදත් කටයුතු කළා. ඒ, ඉකුත් අවුරුදු සමයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වී දින 07 ක් ගතවුවත් රටේ අර්බුදයට දේශපාලනික විසදුමක් ලබාදීමට මෙතෙක් නොහැකිවී ඇති පසුබිමකයි. 

අද පස්වරුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාද විවාද ඇතිවුණේ පොල්දූව මංසන්ධියේ විරෝධතාකරුවන්ට පොලීසිය කදුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකිරීමෙන් පසුවයි.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ද අදහස් පළ කළා.

සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අදහස් පළ කිරීමෙන් පසුවයි.

මේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය සහ ඉන්දික අනුරුද්ධ.

මෙම උණුසුම් තත්ත්වයට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක කාර්යාලයට ද ඇතුලුවුණා.

මේ අතර පාර්ලිමේන්තුව ලබන 17 වනදා දක්වා කල් තැබීමෙන් පසු මන්ත්‍රීවරුන් ගමන් කරමින් පසු මාදිවෙල මන්ත්‍රී නිවාස වෙත යන මාර්ගය ද ජනතාව විසින් අවහිර කරනු ලැබුවා. එහිදී හෙක්ටර් අප්පුහාමි, හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන්ගේ වාහනවලට ගමන් කිරීමට විරෝධතාකරුවන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ඇතැම් මන්ත්‍රීවරුන් සිය වාහනවලින් බැස විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කරන අයුරු දැකගත හැකි වුණා. පසුව එල්ලවූ දැඩි ජනතා විරෝධය හමුවේ මන්ත්‍රීවරුන් සිය වාහන හරවාගෙන ආපසු හැරී ගියා. 

මෙම විරෝධතාවත් සමඟ මාදිවෙල මන්ත්‍රී නිවාසවල සිට කිඹුලාඇළ දක්වා මාර්ගයේ හටගත්තේ දැඩි රථවාහන තදබධයක්. මේ හේතුවෙන් පිටකෝට්ටේ හංදියේ සිට තලවතුගොඩ දෙසට හා පැලවත්ත දෙසට වාහන ගමනා ගමනයට බාධා එල්ලවුණා.