Sunday, May 19, 2024

General line - 0115112241

හදිසි නීතියෙන් ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩුත් අවලංගු වෙයි




සියළු ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. නිවාඩු ලබා සිටින ආරක්ෂක අංශ සාමාජිකයින්ට සේවයට වාර්තා කරන ලෙයසි ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙන්නේ. රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මෙලෙස ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කළ බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. 

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළා. රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙලෙස හදිසි නීතිය පැනවූ බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් වුණේ.