Sunday, May 19, 2024

General line - 0115112241

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිම ගැන නිවේදනයක්




තාවකාලිකව අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු හෙට දිනයේ සිට යළි ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එහෙත් එක් දින සේවා කටයුතු හෙට දිනයේ සිදුනොකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මැයි මස 05, 06 සහ 09 යන දිනවල සාමාන්‍ය සේවය යටතේ ගමන්බලපත්‍ර ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කර ගත් පුද්ගලයින්ගේ අයැදුම්පත් පමණක් හෙට දිනයේ භාර ගන්නා බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම මැයි මස 05 වන දින සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා අයදුම්පත් භාරදීමට පැමිණ සිය කාර්යාලය මගින් අංකයක් හෝ මුද්‍රවක් ලබාගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ද හෙට දිනයේ භාරගන්නා බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිඝණක පද්ධතියේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් එක්දින සේවා සහ සාමාන්‍ය සේවය යටතේ ගමන්බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු පසුගියදා තාවකාලිකව අත්හිටවනු ලැබුවා. එම අළුත්වැඩියා කටයුතු යුහුසුළුව සිදුකරමින් ඇති බැවින් එක්දින සේවා ද හැකි ඉක්මනින් ආරම්භ කරන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.