Sunday, May 19, 2024

General line - 0115112241

හෙට සිට විරෝධතා සතියක්




හෙට සිට විරෝධතා සතියක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ හදිසි නීතිය පනවා විරෝධතා මර්දනය කිරිමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව විරෝධතා සතිය පවත්වන බවයි.

ඉකුත් 6 වනදා සිදු කෙරෙනු හර්තාල් ව්‍යාපාරයට බියවී ආණ්ඩුව හදිසි නීතිය පැනවූ බවයි විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිතිය පැවසුවේ. එහි කැදවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ හදිසි නීතිය පැනවුවද ඉදිරියේදී සිදු කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ග කිසිලෙසකින් නතර නොකරන බවයි