Sunday, May 19, 2024

General line - 0115112241

නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට කටයුතු කරන්නැයි ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්




රට තුළ  උද්ගතව ඇති ආර්ථික හා සමාජයීය අර්බුදකාරී තත්ත්වය සහ නොසන්සුන්කාරී ස්වභාවය සැලකිල්ලට ගෙන බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුතුව එය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 

විවිධ ස්ථානවල සිදුකරනු ලබන ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ සහ හර්තාල් හේතුවෙන් මහජනතාව මහත් දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි ආරක්‍ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ඇතැම් පිරිස් රටේ පවත්නා සාමාන්‍ය නීතිය පිළිබදව කිසිදු සැලකිල්ලක් සිදු නොකොට ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ කටයුතුවලටද බාධා කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් ඔවුන්ට තර්ජනය කිරීම්ද ඉකුත් දිනවල නිරීක්‍ෂණය වූ බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

මෙවන් පසුබිමක් තුළ මහජනතාට දෛනික ජනජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවයි ආරක්‍ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් පත්ව ඇති මෙම හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවත් සියලු දෙනා බුද්ධිමත්ව සහ ඉවසිල්ලෙන් නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට කටයුතු කළයුතු බව ආරක්‍ෂක අමාත්‍යාංශය සදහන් කළා.

මේ අතර හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගෙන් නිවාඩු අවලංගු කර තිබෙනවාග නිවාඩු ලබා සිටින එම නිලධාරීන්ට කඩිනමින් සේවයට වාර්තා කරන ලෙසයි ආරක්‍ෂක අමාත්‍යාංශය පැවසුවේ.