Sunday, May 19, 2024

General line - 0115112241

හදිසි නීතිය ඉවත් කරන්නැයි වෛද්‍යවරුනුත් කියයි




හදිසි නීතිය පැනවීමෙන් පවතින ගැටළුවලට විසදුම් නොලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය රුවන් ජයසූරිය නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ආණ්ඩුව විරෝධතා මර්දනය කිරීම සදහා පමණක් කටයුතු කර ඇති බවයි.

රට හමුවේ පවතින අර්බුදවලට පාර්ලිමේන්තුව තුළින් විසදුමක් ලබාදීමට මේ වනවිට කිසිදු දේශපාලනඥයෙකු අසමත්ව ඇති බවයි වෛද්‍ය රුවන් ජයසූරිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර හදිසි නීතිය ඉවත් කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයද රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.