Sunday, May 19, 2024

General line - 0115112241

ස්වාධින මන්ත්‍රීවරුන් සහ නීතිඥ සංගමය අතර සාකච්ජාවක්




ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඊට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් මතුවන ගැටළු සම්බන්ධයෙන් එහිදී සිය පාර්ශවය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පෙන්වා දුන් බවයි.

ඉදිරි කටයුතු සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග පැවැත්වෙන සාකච්ඡා ඉතා වැදගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ සමගි ජනබලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.