Sunday, May 19, 2024

General line - 0115112241

"ගෝඨා ගෝ ගමට" පැමිණි විපක්ෂ නායකවරයාට ප්‍රහාරයක් (UPDATE)




පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් ප්‍රහාර එල්ල කරනු ලැබූ "ගෝඨා ගෝ ගමට" පැමිණි අවස්ථාවේදී එහි රැස්ව සිටි පිරිස් විසින් පොලු ඇතුළු ගල් මුල් වලින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

මේ අවස්ථාවේදී විපක්ෂ නායකවරයාගේ ආරක්ෂකයින් විසින් ඔහුව එතැනින් වහාම ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.

මේ වන විට අරගල භූමියට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද පැමිණ ඇත.
 

......................................................................................

පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ගෝඨා ගෝ ගමට කඩා පනියි : පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් 

අග්‍රාමාත්‍යවරයාට සහය පළකරමින් අද දිනයේදී අරලියගහ මන්දිරය අසලට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් විසින් ගාලු මුවදොර පිහිටි "ගෝඨා ගෝ ගම" අරගල භූමියට පැමිණ එහි තිබු පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ල කර සිටිනවා.

එම පරිශ්‍රයේ දින 31ක් පුරා පැවති සාමකාමී අරගලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පැමිණ එහි තිබු කුඩාරම් ඇතුළු ඉදිකිරීම් වලට පහරදුන් බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් සහ සාමකාමී විරෝධතාවයේ නිරත පිරිස් අතර ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා පොලිසිය ගාලු මුවදොර වටරවුම අසල කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන් යොදවා සිටියද ඔවුන් එම ස්ථානය පසුකරමින් ඉදිරියට පැමිණ තිබුණා.

මේ වන විට එම ස්ථානයට පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ වන විට ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 09 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.