Sunday, May 19, 2024

General line - 0115112241

බාධක නොතකා ගෝල්ෆේස් අරගල භූමියට ආධාරකරුවන් සතර දෙසින් පැමිණෙයි




ගෝල්ෆේස් හි පිහිටි "ගෝඨා ගෝ ගම" සාමකාමී අරගල භූමියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් එල්ල කරනු ලැබූ මැර ප්‍රහාරය හෙළා දකිමින් එම ස්ථානයට විශාල ජනතාවක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කර සිටිනවා.

යුද හමුදාව සහ පොලිසිය විසින් ගාලු මුවදොර අරගල භුමිය දෙසට මහජනතාව පැමිණීම වැළැක්වීමට පියවර ගෙන තිබුණ ද එම බාධක නොතකා මෙම පිරිස් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කර සිටින්නේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක ද සාමාකාමී අරගලයට එල්ලවූ මැර ප්‍රහාරය හෙලා දකිමින් විරෝධතා ආරම්භ වී තිබෙනවා.