Monday, May 20, 2024

General line - 0115112241

ප්‍රචණ්ඩත්වයෙන් නොව සාමකාමීව අර්බුදයට විසඳුම් සෙවිය යුතු බව පාර්ශව රැසක් අවධාරණය කරයි




පවතින අර්බුදයට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රචණ්ඩත්වයෙන් නොව සාමකාමීව බව පාර්ශව රැසක් අවධාරණය කරනවා. මෙම තීරණාත්මක මොහොතේ ප්‍රචණ්ඩත්වයට නැඹුරු නොවී සන්සුන්ව කටයුතු කරන ලෙසයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

එම සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පැවසුවේ ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට පහරදුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ක්‍රියාකරන බවයි. 

පවතින අර්බුදයට විසඳුමක් ලෙස සිය සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ එක් යෝජනාවක් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය තත්ත්වය මේවනවිට නිර්මාණය වී ඇති බව ද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් නෙත් නිවුස් වෙත කියා සිටියා. 

දේශපාලන ස්ථාවරයක් රට තුළ නිර්මාණය කර ගැනීම සඳහා ජනතාව මේ මොහොතේ සාමකාමීව ක්‍රියාකළ යුතු බවයි ආචාර් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දුන්නේ.