Saturday, May 18, 2024

General line - 0115112241

හිටපු අගමැති මහින්ද ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්




හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 17 දෙනෙකුට කොටුව අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා.

ඒ ඉකුත් මැයි මස 09 වෙනිදා "මයිනා ගෝ ගම  සහ ගෝඨා ගෝ ගම" සාමකාමී අරගල භුමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කළ නඩුව අවසන් වන තුරුයි.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කරන ලද ඉල්ලීමක් පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත්
 තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
 
ඒ අනුව 
 
මෙම සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්ෂිකරුවන් හත්දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
 
මෙම පුද්ගලයින්ගේ විදේශ ගමන් තහනම් කළ බව ආගමන සහ විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් මහේස්ත්‍රාත් වරයා විසින් නියෝග නිකුත් කළා.