Saturday, May 18, 2024

General line - 0115112241

අනාගත නායකයා ගැන විද්වතුන්ගෙන් ප්‍රකාශයක්




ඉතා කඩිනමින් අග්‍රාමාත්‍යවරයෙකු සහ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකළ හොත් මෙරට ජනතාවට කිසිසේත් දැරිය නොහැකි ආර්ථික අර්බුදයක් නිර්මාණය වනු ඇති බව විද්වතුන් පෙන්වා දෙනවා. 

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ කඩිනමින් එවැනි තීරණයක් නොගතහොත් ඉදිරි දින කිහිපය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැතිවීම ඇතුළු ගැටළු රැසකට මුහුණ පෑමට ජනතාවට සිදුවන බවයි.   

පවතින තත්ත්වය යටතේ කඩිනමින් පාර්ලිමේන්තුව රැස්කිරීම අවශ්‍ය බව ද ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දුන්නා. 

රට තුළ මේ වනවිට නිර්මාණය වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් නීතීවේදී ආචාර්ය ප්‍රතිභා මහානාම අදහස් දැක්වූයේ මෙලෙසයි.

මේ අතර වර්තමානයේ රටේ ඇති වී තිබෙන තත්ත්වය තවත් දින කිහිපයක් පැවතුනොත් එය පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උදව් නොවන බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද පැවසුවේ.