Saturday, May 18, 2024

General line - 0115112241

සමාජ මාධ්‍යයෙන් ජනතාව කුපිත කළ පුද්ගලයින් ගැන බුද්ධි අංශ විමර්ශණයක්




රට තුළ ප්‍රචණ්ඩකාරී හා කළහකාරී සිදුවීම්වලට ජනතාව පෙළඹවූ සමාජ මාධ්‍ය කණ්ඩායම් සොයා බුද්ධි අංශ විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවාග පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ එවැනි සමාජ ජාල තවදුරටත් හදුනා ගනිමින් සිටින බවයිග 

එවැනි සිද්ධියකට වරදකරුවෙකු වන පුද්ගලයෙකුට ලැබිය හැකි දඩුවම් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පල වුණාග 

මේ අතර උතුරු මැද පළාත තුළ ඇඳිරි නිතිය කැඩු පුද්ගලයින් 170 ක් අත් අඩංගුවට ගත් බව උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පවසනවාග ඒල ඊයේ පස්වරු 6 සිට අද උදැසන 6 දක්වායිග අද දිනයේ ඇඳිරි නිති රෙගුලාසි වඩාත් තදින් ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේග