Saturday, May 18, 2024

General line - 0115112241

සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුන් පොහෝය අදයි - නෙත් එෆ් එම් ශ්වේත පූජා පිංකම කූරගලදී




සම්බුදු තෙමඟුල සිදුවූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත්, සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. 

වෙසක් පොහොය ශාසනික මෙන්ම ජාතික වශයෙන් ද වැදගත් තවත් සිදුවීම් ගණනාවක් සිදුවූ දිනයක්. ඒ පිළිබද කරුණු දැක්වූ නිට්ටඹුව පරණ වේයන්ගොඩ කන්දේවිහාරයේ විහාරාධිපති පූජ්‍ය තෙල්ඉඹුරේ සෝමරතන ස්වාමීන්වහන්සේ

කාල විපත්තියකට මුහුණ දී සිටින මෙවන් සමයකදී සිත් තුළ යහපත් ප්‍රාර්ථනා ගොඩනගා ගැනීමට අද වැනි උතුම් වෙසක් පොහෝ දිනයක සියලුදෙනා අධිෂ්ඨාන කර ගත යුතු බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පැවසුවේ.

උතුම් වූ ත්‍රෛමංගල්‍යය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන වෛශාක්‍ය පුණ්‍ය මංගල්‍යය මෙවර ඓතිහාසික කූරගල පුදබිමේදී පැවැත්වෙනවා.

ඒ පිළිබද තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කරගත්තා ඓතිහාසික කූරගල පුදබිමේ රැදී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්. 

ආයුබෝවන් සමීර