Saturday, May 18, 2024

General line - 0115112241

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනපති ඉදිරියේදීම පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙසට දැනුම් දෙයි




පොලිස්පති සී ඩී වික්‍රමරත්නට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැනුම්දී තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදීයි. මෙම රැස්වීමට පැමිණෙන ලෙස පොලිස්පතිවරයාට දැනුම්දී ඇත්තේ ජනාධිපතිවරයා විසින්.

මෙලෙස පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම්දීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ විරෝධතාකරුවන් පිරිසක් අරලියගහ මන්දිරයට ඇතුලු වන අවස්ථාවේදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමයි. 

විරෝධතාකරුවන් අරලියගහ මන්දිරයට ඇතුලු වන අවස්ථාවේ එය වළක්වන ලෙසට ජනාධිපතිවරයා  බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට දැනුම්දුන් අවස්ථාවේ ඔහු සඳහන් කර ඇත්තේ එම පිරිස විසුරුවා හැරීමට අණ ලැබී නොමැති බවයි. ඉන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැඩිව උපදෙස් ලබාදී ඇත්තේ තමන් මෙරට ජනාධිපතිවරයා බවත්, කෙසේ හෝ විරෝධතාකරුවන් අරලියගහ මන්දිරයට ඇතුලුවීම වලක්වන ලෙසටයි. ඉන් අනතුරුවයි විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත්තේ.

විරෝධතාකරුවන් අරලියගහ මන්දිරයට ඇතුලුවීම වලක්වන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරීන් විසින් මෙරට ආරක්ෂාව භාර ජේෂ්ඨ නිලධාරීන්ට අවස්ථා 30 කට වැඩි වාර ගණනකදී දුරකථනයෙන් දැනුම්දී තිබෙනවා. එහෙත් ඒ සම්බන්ධයෙන් මෙම නිලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ජනාධිපති මන්දිරයේ පැවති මෙම ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් පොලිස්පතිවරයාව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඇතිවූ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රධාන වගඋත්තරකරු පොලිස්පතිවරයා බවයි.

මෙම රැස්වීමට පැමිණි මන්ත්‍රීවරුන් අත්පොළසන් දෙමින්, බැන වදිමින්, විවිධ අපහාසාත්මක ප්‍රකාශ සිදුකරමින් පොලිස්පතිවරයාව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා. කෙසේවෙතත් මෙහිදී අදහස් දැක්වූ පොලිස්පති සී ඩී වික්‍රමරත්න සඳහන් කර ඇත්තේ මෙවැනි සිද්ධියක් ඇතිවන බවට මාස 03 කට පෙර තමන් දැනුම්දුන් බවයි. 

මේ අතර ඉකුත්දා ඇතිවූ සිද්ධීන් හේතුවෙන් හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි, ඔහුගේ බිරිඳ සහ දරුවා ස්ථාන 03 ක රැදී සිටින බවයි එම රැස්වීමේදී සඳහන් කර ඇත්තේ. ඊට හේතුවී ඇත්තේ හිටපු අමාත්‍යවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ජීවිත තර්ජන එල්ලවීමයි. වෘත්තිකයෙකු වශයෙන් තමන් නිසි පිරිදි ආදායම් බදු ගෙවමින් කිසිදු පුද්ගලයෙකුට කරදරයක් නොවන අයුරින් කටයුතු කරන බවයි හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මෙහිදී සඳහන් කර ඇත්තේ.

තමන් දේශපාලනයට පිවිසියේ රට හැදීමේ වුවමනාවෙන් මිස දේශපාලනයෙන් මුදල් රැස් කර ගැනීමට නොවන බව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. එසේම තමා දන්නා පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හැරෙන්නට අනෙක් සියලු මන්ත්‍රීවරුන් තම නිවාස සාදාගෙන ඇත්තේ දේශපාලනයෙන් උපයාගත් මුදලින් නොව, බැංකු ණය ලබාගනිමින් බවද හිටපු අමාත්‍ය අලි සබ්රි සඳහන් කර තිබෙනවා.

දේපළ අලාභ හානිවූ මන්ත්‍රීවරුන් ගේ සම්පුර්ණ ලැයිස්තුව :