Saturday, May 18, 2024

General line - 0115112241

අඩු ආදායම් ලාභී පවුල් 500කට රාජකීය ආදී සිසුන්ගෙන් වියළි ආහාර ලබාදීමේ වැඩසටහනක්




වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වූ අඩු ආදායම් ලාභී පවුල් 500 ක් සඳහා වියළි ආහාර ලබාදීමේ වැඩසටහන සාර්ථකව අවසන්වී තිබෙනවා. ඒ සඳහා ප්‍රධාන අනුග්‍රහය දක්වා ඇත්තේ මැලේසියාවේ සෙන්තූල් විහාරාධිපති, මහා කරුණා පදනමේ සභාපති පූජ්‍ය බූටෑවේ සරණංකර ස්වාමීන් වහන්සේයි.

මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමයේ ප්‍රධානත්වයෙන්. මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ එහි ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත ගවරගිරියේ පේමරතන ස්වාමීන් වහන්සේ.