Saturday, May 18, 2024

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් දෙදහසකට වැඩි පිරිසකට පීඩා




පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 601 කට අයත් පුද්ගලයින් 2,352 දෙනෙකුට පීඩා එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ හේතුවෙන් බලපෑමට ලක්වූ දිස්ත්‍රික් සංඛ්‍යාව දෙකක්. 

පීඩාවට පත්වීම හේතුවෙන් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 03 ක රැදී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 25 ක්. ඊට අමතරව පීඩාවට පත්වීම හේතුවෙන් පුද්ගලයින් 1,362 දෙනෙකු ඥාති නිවාසවල රැදී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.