Saturday, May 18, 2024

General line - 0115112241

“උණ්ඩියල්” ක්‍රමයට මුදල් මාරු කිරීමට තැත් කළ දෙදෙනෙක් STF අත්අඩංගුවට




“උණ්ඩියල්” ක්‍රමය ඔස්සේ ඩොලර් 47,000ක් මාරු කිරීමට ගිය පුද්ගලයෙකු STF අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ, පොලිස් විශේෂ බලකා නිළධාරීන්ට ලද තොරතුරක් මත බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි. 

බැංකු ගත නොකර දැනට පවතින ඩොලරයේ වටිනාකමට වඩා වැඩි මුදලක් ලබා ගැනීම සදහා “උණ්ඩියල්” ක්‍රමයට මෙලෙස මුදල් මාරු කිරීමට සැකකරු උත්සාහ දරා තිබෙනවා. 

එහිදී මුදල් විශුද්ධිකරණය කිරීමේ වරදට සහ ඊට අනුබල ලබා දීමේ චෝදනා මත මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.