Sunday, May 19, 2024

General line - 0115112241

උතුරුමැද පළාතේ දේශපාලඥයින්ගේ දේපළ වැනසූ 13 දෙනකු රක්ෂිත බන්ධානාගාර ගත කෙරේ




ඉකුත් මැයි මස 09 වෙනිදා ඇතිවූ කළහාකාරි සිදුවීමත් සමග උතුරු මැද පළාතේ දේශපාලඥයින් 06 දෙනෙකුගේ නිවෙස් වලට පහරදීම් සිදුව තිබුණා.

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලඥයින් 06 දෙනෙකුගේ නිවෙස් වලට හානි කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 13 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මෙම පහරදීම් සම්බන්ධයෙන් උතුරුමැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් සිදුකළ විමර්ෂණ වලදීය.

මෙම අත්ඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් 13 දෙනා මේ වන විට අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.