Sunday, May 19, 2024

General line - 0115112241

මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී හිමිපාණන් අපවත් වෙයි

හේරත් ඒකනායක




මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී මහනුවර ශ්‍රී සංඝරාජ මහ පිරිවෙනේ විශ්‍රාමික පරිවේණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නාහිමිපාණන් වහන්සේ අපවත්වී තිබෙනවා. 

උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසු වුණා. මල්වතු මහා විහාරයීය වල්ගොව්වාගොඩ පන්සල, වල්ගොව්වාගොඩ මෙයියාගොඩ පුරාණ විහාරය, යටිනුවර පිළිමතලාව ඉළුක්වත්ත ශ්‍රී ලංකා බුද්ධගයා මහා විහාරය, මහනුවර බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාමය යන විහාරයන්හි අධිපතීත්වය උන්වහන්සේ හෙබවුවා. 

කළක් රෝගි වී සිටි විමලබුද්ධි නාහිමියෝ මෙයියාගොඩ විහාරස්ථානයේදී ඊයේ පස්වරුවේ අපවත් වූ අතර දේහය මහජන ගෞරවය සඳහා එම විහාරස්ථානයේ තැන්පත්කර තිබෙනවා. 

ආදාහන පූජෝත්සවය එළඹෙන අගහරුවාදා පස්වරු 3 ට කඩුගන්නාව ක්‍රීඩාංගණයේදී සිදුකරන බව මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියෝ පැවසුවේ.