Sunday, May 19, 2024

General line - 0115112241

රට පුරා සිදුවූ කලහකාරී සිද්ධීන්ට සම්බන්ධ පළාත් 08ක පුද්ගලයින් 230 ක් අත්අඩංගුවට - ගෝඨා ගෝ ගමට පහර දුන් අයෙකුත් අත්අඩංගුවට




අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පහරදී ඝාතනය කිරීම සහ නිට්ටඹුවේදී ඇතිවූ කලහකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයින් 04 දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මේ අතර ඉකුත් මැයි මස 09 වනදා සිට දිවයින පුරා ඇතිවූ සිද්ධීන් 707 කට සම්බන්ධ සැකකරුවන් 230 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. එම අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 68 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර සාමකාමී විරෝධතාවයේ නිරතව සිටි පිරිසට අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සහ ගාලුමුවදොරදී පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු ද අද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ. 

එම සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයින් 170 කගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.