Sunday, May 19, 2024

General line - 0115112241

මුදල් මුද්‍රණය නොකළොත් පවතින ආර්ථික අර්බුදය තවත් ඉහළට - ආර්ථික විශ්ලේෂකයින්ගෙන් අනතුරු ඇගවීමක්




මුදල් මුද්‍රණය කිරීම සඳහා මේ වන විට අවශ්‍යතාවයක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් ද පෙන්වා දෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ සඳහන් කළේ ඒ පිළිබඳ වැරදි වැටහීමක් මේ අවස්ථාවේ ඇති කර නොගත යුතු බවයි. 

මෙලෙස මුදල් මුද්‍රණය සිදුනොකළහොත් මෙරට පවතින ආර්ථික අර්බුදය තවදුරටත් දැඩි වනු ඇති බවයි ආචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

රජයේ ආදායම් වැඩිකර ගැනීමට නම් දැනට පවතින රජයේ බදු ප්‍රතිපත්තිය වහා වෙනස්විය යුතු බවද කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ වැඩිදුරටත් සඳහන් කළා. එහිදී සෘජු බදු සඳහා විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි ආචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණපා ඇති අර්බුදය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මෙලෙස අදහස් පළ කළා.