Saturday, May 18, 2024

General line - 0115112241

වෙළඳපල තුළ දැඩි එළවළු හිඟයක් පවතින බව වෙළෙඳුන් කියයි




මේ වන විට වෙළඳපල තුළ එළවළුවල දැඩි හිඟයක් දක්නට ඇති බව සීමා සහිත සමස්ථ ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමය පවසනවා. එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි සඳහන් කළේ තවත් සතියක් පමණ ගතවන විට මෙම තත්ත්වය උග්‍ර අතට හැරී දැනට පවතින එළවළු මිල සියයට 35 කින් 40 කින් පමණ ඉහළ යනු ඇති බවයි.

මෙලෙස එළවළු හිඟවීමට බලපෑ හේතු සාධක සම්බන්ධයෙන් ද සමස්ථ ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මෙලෙස අදහස් පළ කළා.