Saturday, May 18, 2024

General line - 0115112241

කූරගල පුදබිමේදී අදත් පිංකම් රැසක්




අද දිනයේද ධර්ම දේශනා, ආශිර්වාද පූජා ආදී පිංකම් රාශියක් කූරගල පුදබිමේ සිට සජීවීව ප්‍රචාරය කිරීමට නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු කරනු ලබනවා. මේ අතර නෙත් එෆ් එම් ශ්‍රාවකයින්ගේද ධන පරිත්‍යාගයෙන් හා ශ්‍රම දායකත්වයෙන් ගොඩ නැගූ කූරගල පුදබිම සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය ඊයේ දිනයේ සිදු කෙරුණා. 

එහි ඉදිවූ සුගන්ධ කුටිය සඳහා සම්පූර්ණ ධන පරිත්‍යාගය සහ ශ්‍රම දායවකත්වය ලබාදෙනු ලැබුවේ නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්‍රාවකයින් වීමද විශේෂත්වයක්. මේ අතර කූරගල පුදබිමේ අද දිනයේ පැවැත්වෙන කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා අපි දැන් සම්බන්ධ කර ගන්නවා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.
ආයුබෝවන් සමීර,


මේ අතර අද සිට ලබන විසි දෙවනදා දක්වා දින හතක් දිවයිනේ ප්‍රකට යතිවරු වැඩම වීමෙන් සිදුකෙරෙන බුද්ධාභිවන්දනා ධර්ම දේශනා මාලාව, පහන් කන්ද ආශිර්වාද පූජාව මෙන්ම සෑ රද වන්දනාව සෑම දිනකම සවස 06 සිට සජීවීව ප්‍රචාරය කිරීමට නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු කරනු ලබනවා.